32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඋසේන් බෝල්ට්ගේ ඩොලර් මිලියන 12.7ක් අතුරුදන්

උසේන් බෝල්ට්ගේ ඩොලර් මිලියන 12.7ක් අතුරුදන්

‘ලෝකයේ වේගවත්ම ධාවකයා’ ලෙසින් හැඳින්වෙන උසේන් බෝල්ට්ගේ ඇමෙරිකානු ඩොලර් මිලියන 12.7ක මුදලක් කොටස් වෙළෙඳපොළ ආයෝජන සමාගමක් විසින් වංචා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 8ක් දිනාගෙන ඇති උසේන් බෝල්ට් වසර 10ක් තිස්සේ තම ඉපැයීම්වලින් වැඩි කොටසක් ජැමෙයිකාවේ ආයෝජන සමාගමක ආයෝජනය කර තිබේ.

මෙහිදී එම ආයෝජන ගිණුමෙන් ඩොලර් මිලියන 12.7ක් හදිසියේ අතුරුදන් වූ බවත් දැන් ඉතිරිව ඇත්තේ ඩොලර් 12,000ක් පමණක් බවත් වාර්තා වේ.

එමෙන්ම එම ආයෝජන සමාගමේ එක් හිටපු සේවකයෙක් විසින් මෙම මූල්‍ය වංචාව සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

උසේන් බෝල්ට් සිට ජීවිත කාලය තුළ උපයා ගත් ධනයයි මෙලෙස අතුරුදන් වී ඇත්තේ. එම නිසා ඔහුගේ මෙම මුදල් සොයා දීමට පොලිසිය දැඩි උත්සාහයක නිරත වේ.