29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑමීර් රාජ්‍යයේ ආයෝජකයින් පිරිසක් පෝර්ට් සිටියේ සංචාරයක

එමීර් රාජ්‍යයේ ආයෝජකයින් පිරිසක් පෝර්ට් සිටියේ සංචාරයක

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයින් පිරිසක් පසුගිය 14 වැනි දින විශේෂ සංචාරයක් සඳහා කොළඹ වරාය නගරයට පැමිණ තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින්, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ කොළඹ වරාය නගරය (PCC) නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත් වූ බව සඳහන්.

පෝට් සිටි සංවර්ධනය සහ අනාගතය සඳහා වන සැලසුම් පිළිබඳ දූත පිරිසට පුළුල් දළ විශ්ලේෂණයක් ලබා දී ඇති අතර එය නියෝජිත පිරිසගේ පැසසුමට ලක් ව තිබෙනවා. ඉන් අනතුරුව නියෝජිත පිරිස PCC Marina හි සංචාරයක් ද සිදු කර තිබෙනවා.

පෝට් සිටි යනු හෙක්ටයාර 269ක භූමි ප්‍රදේශයක් ආවරණය කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක්. වාණිජ සහ නේවාසික ව්‍යාපාරික අවස්ථා රැසක් ලබා දෙමින් රට සඳහා නව ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම එහි අරමුණයි.

මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට රැකියා උත්පාදනය සහ විදේශ ආයෝජන ඉහළ නැංවීම ඇතුළු සැලකිය යුතු ආර්ථික ප්‍රතිලාභ අත්කර දීමට අපේක්ෂිතයි.