30.6 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් සිසුවියක් නාන කාමරය තුළදී දරුවෙකු බිහිකරලා

පාසල් සිසුවියක් නාන කාමරය තුළදී දරුවෙකු බිහිකරලා

තිස්සමහාරාම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවියක් නිවසේ නාන කාමරය තුළදී දරුවකු ප්‍රසූත කළ පුවතක් වාර්තා වනවා.

එකොළොස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියක් මෙලෙස දරුවකු ප්‍රසූත කර ඇති බවයි වාර්තා වුණේ.

නිවසේ නාන කාමරයෙන් බිළිඳකු හඬන ශබ්දයක් ඇසී දැරියගේ මව නාන කාමරය විවෘත කර බැලීමේ දී එහි සිටි දියණිය දරුවෙකු ප්‍රසූතකර ඇති බවයි දැක ඇත්තේ.

පසුව සිසුවිය දෙබරවැව රෝහල වෙත යොමුකර ඇති අතර, රෝහල විසින් මේ සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසිය දැනුවත් කිරීමට ඊයේ (19) කටයුතු කර තිබෙනවා.

තිස්සමහාරාම පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.