24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණයට මුදල් සොයාගැනීම භාණ්ඩාගාරයට අභියෝගයක්

මැතිවරණයට මුදල් සොයාගැනීම භාණ්ඩාගාරයට අභියෝගයක්

මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට සිදුවුවහොත් ඊට අවශ්‍ය අමතර මූල්‍ය ප්‍රතිපාදන සොයාගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් වනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

රාජ්‍ය ආදායම දැඩි අර්බුදයකට ලක්ව ඇති මොහොතකයි ලේකම්වරයා මේ බව සඳහන් කර ඇත්තේ.

මෙම අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර ඉදිරිපත්කළ රිට් පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම දැනුම්දීම සිදු කළේය.