26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුජිබර්ගේ ඉල්ලා අස්වීමෙන් මන්ත්‍රී ධුරයක් හිස්වෙයි

මුජිබර්ගේ ඉල්ලා අස්වීමෙන් මන්ත්‍රී ධුරයක් හිස්වෙයි

කොළඹ මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුජිබර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාරදුන් බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබෙනවා.

මුජිබර් රහුමාන්ගේ ලිපියට අනුව ඉහත ඉල්ලා අස්වීම අද සිට බලපැවැත්වෙන බවයි මහ ලේකම්වරයා දන්වා ඇත්තේ.

ඒ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ මුජිබර් රහුමාන්ගේ අසුන හිස්ව ඇති බව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව දැනුම් දෙන බවද මහ‍ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දෙනවා.