― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදරුවෙක් පිළිසිඳ ගැනීමට ලේලියට නැන්දම්මා මිනිස් ඇටකටු කුඩු බොන්න දීලා

දරුවෙක් පිළිසිඳ ගැනීමට ලේලියට නැන්දම්මා මිනිස් ඇටකටු කුඩු බොන්න දීලා

දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා මිනිස් ඇටකටු වලින් සාදන ලද කුඩු පානය කරන ලෙසට බල කළ නැන්දම්මා සහ සැමියාට එරෙහිව කාන්තාවක් විසින් පොලිසියට පැමිණිලි කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මීට අමතරව මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් 05 දෙනෙක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇති බවයි වාර්තා වුණේ.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිය නැන්දම්මා සහ සැමියා විසින් තමන්ට දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා මිනිස් ඇටකටු වලින් සාදන ලද කුඩු වර්ගයක් පානය කිරීමට බලකර සිටින බවට එහිදී ඇය පවසා පසුගිය බදාදා (18) දින අදාළ 28 හැවිරිදි කාන්තාව විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත.

පැමිණිලිකාර කාන්තාව 2019 වසරේ දී විවාහ වී ඇති අතර, සැකකාර සැමියා සහ නැන්දම්මා තමාට මානසිකව හා ශාරීරිකව හිරිහැර කරන බවත්, තම දෙමාපියන්ගෙන් මුදල් ලබාගන්නා ලෙස පවා තමාට බලපෑම් කරන බවත් එම කාන්තාව සිය පැමිණිල්ලේ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

28 හැවිරිදි කාන්තාව 2019 දී විවාහ වූ නමුත් දරුවන් නොමැති වීම නිසා ඇගේ සැමියා, නැන්දම්මා සහ අනෙකුත් චූදිතයන් ‘අමස්විය ’ (සඳ නැති රාත්‍රිය) තුළ කිසියම් යාගයක් පවත්වන බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී ඇයට මිනිස් ඇටකටු කුඩු මිශ්‍ර කළ ජලය පානය කිරීමට සලස්වා ඇති අතර, ඇයව කිසියම් දිය ඇල්ලක දිය නෑමට ද සලස්වා ඇති බවට ද සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.