27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතියුණු ආයුධයකින් පහර දී පුත්‍රයෙකු සිය පියා ඝාතනය කරයි

තියුණු ආයුධයකින් පහර දී පුත්‍රයෙකු සිය පියා ඝාතනය කරයි

නුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේ දී පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පුතා විසින් පිහියකින් ඇණ පියාව ඝාතනය කර ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.

ඊයේ (21) සවස මෙම ඝාතනය සිදුකව ඇති අතර, අපරාධයට සම්බන්ධ සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පුත්‍රයා විසින් පිහියෙන් ඇනීමෙන් පසු බරපතල තත්ත්වයේ පසුවූ පියා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඔහු ගම්පහ මූලික රෝහලට යවා ඇති බවත් එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 83 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.