― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldලාසා වෛරසය ආසාදනය වූ 105ක් නයිජීරියාවෙන් හමුවෙයි

ලාසා වෛරසය ආසාදනය වූ 105ක් නයිජීරියාවෙන් හමුවෙයි

ලාසා වෛරසය ආසාදනය වූ 105 දෙනෙකු නයිජිරියාවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය 1969 වසරේදී නයිජිරියාවේ ඊසානදිග බෝනෝ ප්‍රාන්තයෙන් මුල් වරට හඳුනාගෙන තිබේ.

නයිජීරියානු රජය පවසන්නේ ජනවාරි මස 2 වැනිදා සහ 15 වැනිදා අතර කාලය තුළ මෙම රෝගීන් වාර්තා වී ඇති බවයි. නයිජිරියාවේ ප්‍රාන්ත 10ක මෙම වෛරසය ව්‍යාප්තව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම වෛරසය ආසාදනය වූ විට උණ, හිසරදය, උගුරේ වේදනාව, කැස්ස, පාචනය, මාංශ පේෂි වේදනාව මෙන්ම, පපුවේ වේදනාව වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය.

එමෙන්ම මෙම වෛරසය ආසාදිත බවට සැක කෙරෙන තවත් 369 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉබෝලා, මාබර්ග් වැනි මාරාන්තික වෛරසයක් වන මෙය මීයන් හරහා ව්‍යාප්ත වෙයි.