26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHealthජපානය - යුනිසෙෆ් එක්ව මෙරටට වෛද්‍ය උපකරණ තොගයක්

ජපානය – යුනිසෙෆ් එක්ව මෙරටට වෛද්‍ය උපකරණ තොගයක්

ජපන් රජය විසින් යුනිසෙෆ් සංවිධානය හා එක්ව ලබාදුන් එන්නත් බහලුම් ශීත කාමර හා පෝෂණ සැපයුම් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දී තිබේ.

එම අවස්ථාවට එක්වෙමින් එක්සත් ජාතින්ගේ ළමා අරමුදලේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් කූග් පැවසුවේ මෙරට දරු දැරියන්ගේ කෙටි කාලීන සහ දිගුකාලීන සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ජපන් රජය සහ යුනිසෙෆ් සංවිධානය සෞඛ්‍ය අමාත්‍යංශය හා ඒකාබද්ධව කටයුතු කරන බවයි.

මෙරට ළමයින් සඳහා ප්‍රතිශක්තිකරණ සහ පෝෂණ සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් ඔවුන් මෙම පරිත්‍යාගය සිදු කර තිබේ. මේ සඳහා ඩොලර් මිලියන 03ක් වැය කර ඇති අතර 2021 වසරේදී එන්නත් බහාලුම් ශීත පෙට්ටි සහ උෂ්ණත්ව මාපකයන් බෙදා දීමේ වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ලෙසයි මෙම පරිත්‍යාගය සිදු කර ඇත්තේ.

ඒ අනුව අධික උෂ්ණත්වයට සංවේදී එන්නත් විශාල ප්‍රමාණයක් එකවර ගබඩා කිරීමේ පහසුකම් සහිත ශීත කාමර 13ක් පවතී.