29.5 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංගම බස් රථයේ රියදුරු කොන්දොස්තරව ඝාතනය කරලා

ලංගම බස් රථයේ රියදුරු කොන්දොස්තරව ඝාතනය කරලා

කටුනායක – ඇවරිවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (23) රාත්‍රියේ ගාල්කර තිබූ ලංගම බස් රථයක රියදුරු සහ කොන්දොස්තර අතර ඇති වූ ගැටුමකින් සිදුකළ පහරදීමකදී කොන්දොස්තරවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බෝතලයකින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මොණරාගල සිට කටුනායකට මගීන් රැගෙන පැමිණි ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙක්.

අදාළ බස් රථය ඊයේ (23) රාත්‍රියේ ඇවරිවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක ගාල් කිරීමෙන් පසු දෙදෙනා එක්ව මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇතිබවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට සම්බන්ධ බව කියන ලංගම බස් රථයේ රියදුරු ඇවරිවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (24) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.