30.6 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportවිස්සයි විස්ස පිටියේදී රෂීඩ් ඛාන්ගෙන් ලෝක වාර්තාවක්

විස්සයි විස්ස පිටියේදී රෂීඩ් ඛාන්ගෙන් ලෝක වාර්තාවක්

ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ට විස්සයි විස්ස කඩුලු 500 සීමාව පසු කිරීමට ඊයේ හැකියාව ලැබුණා. ඒ අනුව ඔහු වාර්තා අතරට එක්වන්නේ විස්සයි විස්ස පිටිය තුළ කඩුලු 500ක් දවාගත් දෙවන ක්‍රීඩකයා ලෙසටයි.

මීට පෙර විස්සයි විස්ස පිටිය තුළ එම දස්කම දක්වා තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ පමණයි. දකුණු අප්‍රිකා 20-20 ලීගයේ මුම්බායි ඉන්දියන්ස් කේප් ටවුන් සහ ප්‍රිටෝරියා කැපිටල්ස් අතර පැවති තරගයේ දී රෂීඩ් ඛාන්ට කඩුලු 500 සම්පූර්ණ කිරීමට හැකියාව ලැබුණා.

එහිදී ඔහුගේ 500 වන කඩුල්ල සම්පූර්ණ කළේ ප්‍රිටෝරියා කැපිටල්ස් කණ්ඩායමේ සයිල්ඩ් ෆොර්චුවන්ගේ කඩුල්ල දවා ගනිමින්. මේ අතර ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල මේ වන විට පළමු ස්ථානයේ පසුවන්නේ 24 හැවිරිදි වියේ පසුවන රෂිඩ් ඛාන් වීම විශේෂත්වයක්.