28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර සඟවන්නන් සොයා දිවයින පුරා වැටලීම්

බිත්තර සඟවන්නන් සොයා දිවයින පුරා වැටලීම්

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමක යළිත් වරක් වෙළෙඳපොලේ බිත්තර හිඟයක් නිර්මාණය වී ඇති බවට වෙළෙඳුන් සහ පාරිභෝගිකයින් චෝදනා කරති.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් බිත්තර තොග සඟවන්නන් සොයා වැටලීම් ආරම්භ කර ඇති අතර පනවා ඇති මිල ගණන් ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළෙඳුන්ට සාමාන්‍ය ව්‍යාපාරික ස්ථානයක්නම් රුපියල් ලක්ෂයේ සිය රුපියල් ලක්ෂ 5 දක්වා දඩ මුදලක් මෙන්ම සමාගමක්නම් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 50 දක්වාත් දඩයක් නියම කෙරෙනු ඇති.

බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් රජය පසුගිය 20 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කළේය.