― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් ජීවිතක්ෂයට

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් ජීවිතක්ෂයට

අධික ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ පුද්ගලයින් 124 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ දිනවල ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අධික ශීතල නිසා පසුගිය සතිය තුළදීයි එම පිරිස මියගොස් ඇත්තේ. එමෙන්ම මේ හේතුවෙන් සත්වයින් 70,000ක් පමණ මියගොස් ඇති බවත් වාර්තා වේ.

තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම අත්හිටුවා ඇති බැවින් බොහෝ ආධාර ආයතන සිය මෙහෙයුම් කටයුතු නවතා ඇති බවයි වාර්තා වන්නේ.