25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ නව අගමැති ධුරයට

ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ නව අගමැති ධුරයට

නවසීලන්ත හිටපු අගමැති ජසින්ඩා ආර්ඩන්ගේ ඉල්ලා අස් වීමෙන් පසු නවසීලන්තයේ නව අගමැති ලෙස කම්කරු නායක ක්‍රිස් හිප්කින්ස් පත් වී තිබේ.

ක්‍රිස් හිප්කින්ස් වෙලින්ටන්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් දේශපාලනය සහ අපරාධ විද්‍යාව පිළිබඳ ප්‍රධාන උපාධියක් සමඟ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ඇත.

උපාධිය ලැබීමෙන් පසු හිප්කින්ස්, කර්මාන්ත පුහුණු සම්මේලනයේ ප්‍රතිපත්ති උපදේශකයෙකු ලෙස වැඩ කිරීම සහ තාරනාකිහි ටොඩ් බලශක්ති සඳහා පුහුණු කළමණාකරුවෙකු ලෙස කටයුතු කිරීම ඇතුළු රැකියා ගණනාවක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.