30 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගංජා හේනක් පවත්වාගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

ගංජා හේනක් පවත්වාගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

බුත්තල කඳවුරේ විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කතරගම පොලිස් වසමේ සෙල්ලංගල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී අක්කර 01 ක පමණ භූමි ප්‍ර‍මාණයක නීති විරෝධී ලෙස වගා කර තිබූ අඩි 08 ක් පමණ වූ උස ගංජා ගස් 15,000 ක පමණ හේනක් සොයා ගෙන තිබෙනවා.

මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38, 63 ක් වන පුද්ගලයින් දෙදෙනෙකුයි මෙසේ අත්අඩංගුවට ගැනුනේ.

ඔවුන් සතුව තිබී ජංගම දුරකථනයක් පොලිස් බාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත බාර දී තිබෙනවා.