― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතරුණ තරුණියන් අතරේ මානසික රෝගවල වැඩිවීමක්

තරුණ තරුණියන් අතරේ මානසික රෝගවල වැඩිවීමක්

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ඇතිවූ පීඩනයත් සමඟ මානසික රෝගීන් බවට පත්වූ පුද්ගලයන් රෝහල්ගත වීම සහ සායනවලට පැමිණීම සියයට 30කින් පමණ වැඩිවී ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පැවසීය.

විවිධ මානසික රෝගවලට ප්‍රතිකාර ගත් පුද්ගලයන් ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ඖෂධ ගැනීම නැවැත්වීම නිසා ඔවුන්ගේ ඒ මානසික රෝග යළි උත්සන්නවී රෝහල් ගතවීමද වැඩිවුණු තත්වයක් පෙනෙන්නට ඇතැයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

මෙරට රැඳී සිටීමෙන් අනාගතයක් නැතැයි ඉච්ඡාභංගත්වයට පත් වුණු තරුණ තරුණියන් අතරේද මානසික රෝග වැඩිවී ඇතැයි ඔහු සඳහන් කළා. විදේශයන්ට යෑමට නොහැකිව පීඩනයට සහ කලකිරීමට පත්ව සිටින තරුණ තරුණියන් අතරේ මානසික ගැටලු බොහෝ සෙයින් වර්ධනය වී ඇති බවත් බොහෝ තරුණයන් මෙම පීඩනය සමහන් කරගන්නේ සමාජයට වෛරය මුදා හැරීමෙන් බවයි වෛද්‍යවරයා අවධාරණය කරන්නේ.

බොහෝ අය සිය වෛරය පිට කිරීම සඳහා සමාජ මාධ්‍ය යොදාගෙන ඇතැයිද රූමි රූබන් පැවසුවා. ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් වැඩිහිටියන්ගේ මෙන්ම දරුවන්ගේද මානසික ආතතිය ඉතා විශාල අයුරින් වැඩිවී ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා විවිධ ගැටලු හේතුවෙන් සිය අධ්‍යාපන කටයුතු කලට වේලාවට කරගනීමට නොහැකිවීම නිසාද සැලකිය යුතු පිරිසක් මානසික පීඩනයට ගොදුරුව සිටින බව සඳහන් කළා.

කොරෝනා සමයේදී ඔන් ලයින් අධ්‍යාපනය හේතුවෙන් ජංගම දුරකතනවලට ඇබ්බැහි වූ දරුවන් විශාල පිරිසක්ද විවිධ මානසික ව්‍යාධීන්ට ලක්ව පීඩා විඳින බව ඔහු අනාවරණය කළා.

#mawrata