27.8 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැබිනට්ටුවට එන අලුත් ඇමතිවරු පෙබරවාරියේ දිවුරයි

කැබිනට්ටුවට එන අලුත් ඇමතිවරු පෙබරවාරියේ දිවුරයි

පෙබරවාරි මස මුල් සතිය තුල කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු වනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

එම අරංචි මාර්ග පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේෂ්ඨයින් රැසකට මේ යටතේ නව කැබිනට් අමාත්‍ය ධුර හිමි වනු ඇති බවයි.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි වජිර අබේවර්ධනට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දුමින්ද දිසානායකට මෙම නව කැබිනට් තනතුරු හිමි වනු ඇතැයි සදහන්.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම් චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී දිසානායක, සී.බී රත්නායක යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේෂ්ඨ නායකයින්ට මෙම නව අමාත්‍ය ධුර හිමි විමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග පවසනවා.