― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවිදුලි බිල වැඩි කරනවා හැර වෙන විකල්පයක් නැහැ

විදුලි බිල වැඩි කරනවා හැර වෙන විකල්පයක් නැහැ

විදුලි ප්‍රශ්නයට ඇති එකම විකල්පය විදුලි බිල සංශෝධනය කිරීම බවත් එසේ නොකළහොත් පෙර මෙන් දිගු විදුලි කප්පාදුවක් සිදුවන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ මාසයේ විදුලිය නිපදවීමට ගල් අඟුරු සඳහා රුපියල් බිලියන 38ක් ගෙවිය යුතු බවත් රුපියල් බිලියන 35ක මාසික ආදායමක් සමඟ වියදම් ඉහළ යන තත්ත්වය තුළ එම වියදම් දරාගත නොහැකි බවත්ය.

විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආදියට ගෙවිය යුතු මුදල් නොගෙවන සමාගමක් බවට මේ වන විට පත්ව ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ වාණිජ බැංකු එම මණ්ඩලයට ණය ලබා නොදෙන බවත් අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

එහිදී මාධ්‍යවේදියෙක් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකිද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යාමට රුපියල් බිලියන 5ක් අවශ්‍ය බවත් සවස සහ රාත්‍රියේ විදුලිය විසන්ධි කරන්නේ පැය දෙකක් පමණක් බවත් ඊට වඩා දෙයක් කළ නොහැකි බවත්ය.

යමක් කළ හැකි නම් රජය ප්‍රමාද නොකරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.