27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසුරාබදු ආඥා පනත සංශෝධන සහ නිවේදනවලින් වාර්තාවක් තබයි

සුරාබදු ආඥා පනත සංශෝධන සහ නිවේදනවලින් වාර්තාවක් තබයි

නව සුරාබදු පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

නව නීති විරෝධී මත්ද්‍රව්‍ය වර්ග සමාජය තුල ප්‍රචලිත වීම ඊට අදාළ මුදල් සංසරණ ක්‍රමවේදයක් වැළැක්වීම ඇතුලු කරුණු රැසක් මෙම නව පනත් කෙටුම්පතට ඇතුලත් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඔහු සඳහන් කළේ සුරාබදු පනත යුගයට ගැලපෙන පරිදි යාවත්කාලීන විය යුතු බවයි.

එහෙත් 1912 වසරේ දී හඳුන්වාදුන් සුරාබදු ආඥා පනත මේවන විට වාර්තාගත ලෙස සංශෝධන සහ නිවේදන 1200කින් පමණ වෙනස් වෙමින් සංකීර්ණත්වයකට පත්ව ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නව පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු මේවන විට අවසන් අධියරට පැමිණ ඇතැයි ද ඔහු ප්‍රකාශ කළා.