― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනොරොච්චෝලේ විදුලි බලාගාරය ගැන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

නොරොච්චෝලේ විදුලි බලාගාරය ගැන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

නොරොච්චෝලේ විදුලි බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු නෞකා 33න් 10ක් මේ වන විට ගෙන්වා ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ජනවාරි මාසය තුළ සැලසුම් කළ ගල් අඟුරු නෞකා 7න් 5ක් මේ වන විට ලබා ගෙන ඇති අතර තවත් ගල් අඟුරු නෞකා දෙකක් මේ මස තුළ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම පෙබරවාරි මාසය තුළ තවත් ගල් අඟුරු නෞකා 07ක්, මාර්තු මාසය තුළ නෞකා 07ක් සහ අප්‍රේල් මාසය තුළ නෞකා 07ක් ලෙස ගෙන්වා ගැනීමට මේ වන විට සැලසුම් කර ඇති බව සඳහන්ය.

ඒ සඳහා මුදල් ලබා ගැනීම වෙනුවෙන් මේ වන විට රාජ්‍ය බැංකු දෙක මගින් ණය පහසුකම් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇති බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.