― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsකල්ඉකුත් වූ භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන් 20කට දඩ

කල්ඉකුත් වූ භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන් 20කට දඩ

සෑම මසකම යාපනය මහ නගර සභා බල ප්‍රදේශයේ පිහිටි බහු භාණ්ඩ වෙළෙඳපොළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කෙරේ.

ඒ ආකාරයට පසුගිය දෙසැම්බර් මස 11 සහ 12 යන දෙදින තුළත්, පසුගිය ජනවාරි මස 17 සහ 18 යන දිනවලත් යාපනය නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් බහුභාණ්ඩ වෙළෙඳ මධ්‍යස්ථාන පරීක්ෂාවට ලක් කළා.

මේ අතරතුර කල් ඉකුත් වූ, නරක් වූ, නුසුදුසු ලෙස ඇසුරුම් කරන ලද, කුරුමිණියන් සහිත ආහාර නිෂ්පාදන වැනි මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් ආහාර ද්‍රව්‍ය අධිකරණයට භාරදුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙළෙඳසල් හිමියන් 20 දෙනෙකුට එරෙහිව නඩු පවරනු ලැබුවා.

මෙම නඩු ඊයේ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී සියලුම වෙළඳසැල් හිමියන් වරද පිළිගෙන තිබේ. ඉන් අනතුරුව එම ව්‍යාපාර හිමියන් 20 දෙනාට අධිකරණය රුපියල් 540,000ක දඩයක් නියම කළේය.