28.9 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාලක ගොඩහේවා ඇතුළු තිදෙනෙක් නිදොස් කොට නිදහස්

නාලක ගොඩහේවා ඇතුළු තිදෙනෙක් නිදොස් කොට නිදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියම කර තිබේ.

ඒ ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී “තාරුණ්‍යයට හෙටක්” සංවිධානය සඳහා එම කොමිසමේ අරමුදල්වලින් රුපියල් ලක්ෂ 50ක් ලබාදීම තුළන් රජයේ මුදල් සාපරාධී පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වීමේ නඩුවට අදාළවයි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කළ සාක්ෂි ප්‍රමාණවත් නොවන බවයි.

නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් එම නඩුව ගොනුකර තිබුණි.