30.6 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර නව බදු ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර නව බදු ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ආදායම් සඳහා ද්විත්ව බදු පැනවීම සහ නිල මට්ටමින් බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා ගිවිසුමක් අත්සන් කර තිබේ.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 75 (3) වගන්තිය ප්‍රකාරව ගිවිසුම අවසන් කර ඇති බව නීතිපතිවරයා තහවුරු කර ඇති අතර අදාළ ගිවිසුමට අත්සන් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය එකඟ වී ඇති බව රජය දන්වා ඇත.

ඒ අනුව එම ගිවිසුමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අත්සන් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අදහසට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 75 (1) වගන්තියේ විධිවිධාන ප්‍රකාරව එම ගිවිසුම අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයට බලය පවරා ඇත.