30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර හිඟය පාලනයට කෝප් කමිටුවේ අවධානය

බිත්තර හිඟය පාලනයට කෝප් කමිටුවේ අවධානය

දේශීය කුකුළු නිෂ්පාදන කර්මාන්තය සුරක්ෂිත කරමින් බිත්තර සඳහා සාධාරණ මිලක් තීරණය කිරීම සඳහා කරුණු 4ක් පිළිබඳ සාකච්ඡා කිරීමට කෝප් කමිටුව අදාළ නිලධාරීන් කැඳවා තිබෙනවා.

මෙහිදී නිෂ්පාදන පිරිවැය සාධාරණ ලෙස ඇස්තමේන්තු ගත කර වෙළෙඳපොළ තුළ බිත්තර සඳහා සාධාරණ මිලක් නියම කිරීම පිළිබඳ අවධානය යොමු වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ.

එමෙන්ම කුකුළු නිෂ්පාදන ආශ්‍රිත දේශීය බිත්තර කර්මාන්තය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

ඊට අමතරව වෙළඳපොලේ පවතින බිත්තර හිඟය පාලනය කිරීම පිළිබඳ අවධානය යොමු වූ අතර පාරිභෝගිකයාට සාධාරණ මිලකට බිත්තර ලබාදීම කෙරෙහි ද අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්චාරගේ සභාපතිත්වයෙන් ඊයේ (25) රැස් විය.