― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldඇපල් පරිශීලකයින්ට අනතුරු ඇඟවීමක්

ඇපල් පරිශීලකයින්ට අනතුරු ඇඟවීමක්

ඇපල් සමාගම විසින් මිලියන ගණනක් වන සිය පරිශීලකයන්ට පුද්ගලික දත්ත සොරාගැනීමේ අවධානමක් ඇති බවට අනතුරු ඇගවීමක් කර තිබේ.

ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ Apple Watch, iPhone, iPad සහ Apple TV යන නිෂ්පාදන සඳහා එය අදාළ වන බවයි.

මෙම තත්වයෙන් බේරීමට වහා තමන්ට අදාළ ඇපල් නිෂ්පාදනයට නියමිත මෘදුකාංග යාවත්කාලීන කර ගැනීම සිදුකරන ලෙස එම සමාගම පාරිභෝගිකයන්ට උපදෙස් දෙයි.
ඒ අනුව එක් එක් ඇපල් නිෂ්පාදනය වෙනුවෙන් මෙම සතිය තුළදී යාවත්කාලීන කිරීම් මාලාවක් ඔවුන් ප්‍රකාශයට පත් කර තිබේ.