27.2 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇෆ්ගන් කාන්තාවන් මානුෂීය මෙහෙයුමට කැඳවීමේ තීරණයක්

ඇෆ්ගන් කාන්තාවන් මානුෂීය මෙහෙයුමට කැඳවීමේ තීරණයක්

ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට ඇතැම් මානුෂීය මෙහෙයුම්වලදී සේවය කිරීමේ අවස්ථාව ලබාදීමට කටයුතු සූදානම් කරමින් සිටින බව තලෙබාන් බලධාරීන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ දිනවල ඇෆ්ගනිස්තානයට බලපා ඇති අධික ශීත කාලගුණය සමග ප්‍රමාණවත් තරම් ආධාර උපකාර නොලැබීමෙන් එරට වැසියන් මේ වනවිට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටියි.

මෙම ශීත කාලගුණය හේතුවෙන් එරට වැසියන් ජීවිතක්ෂයටද පත් විය. කාන්තාවන් රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම තහනම් කරමින් තලෙබාන් පාලනය ගෙනා නව නීතිය හේතුවෙන් එරට ක්‍රියාත්මක වූ සහන සංවිධාන රැසක් සිය සේවා සැපයීම අත්හිටුවා තිබුණි.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි ඇතැම් මානුෂීය මෙහෙයුමවලදී කාන්තාවන්ට සේවය කිරීමේ අවස්ථාව සැලසීමට තලෙබාන් බලධාරීන් කටයුතු සම්පාදනය කරමින් පසුවන්නේ.