26 C
Colombo
Wednesday, April 2, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsHealthගිය වසරේදී මෙරටින් ලාදුරු රෝගීන් 1,325ක්

ගිය වසරේදී මෙරටින් ලාදුරු රෝගීන් 1,325ක්

පසුගිය වසරේ දී ලාදුරු රෝගීන් 1,325 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

ශ්‍රී ලංකාව ලාදුරු තුරන් කළ රටක් වශයෙන් සහතික කර ඇති පසුබිමක මෙලෙස ලාදුරු රෝගීන් හමුවීම පුදුම සහගත කරුණකි.

ඒ අනුව මෙරටින් වාර්ෂිකව ලාදුරු රෝගීන් 2,000ක් පමණ වාර්තා වන බවත් එම රෝගීන්ගෙන් සියයට 10ක් පමණ වයස අවුරුදු 15ට අඩු ළමයින් බවත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි.

ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශරීරයේ සමේ පැහැයට වඩා පැහැයෙන් අඩු සැක සහිත ලපයක් ඇත්නම් ළඟම ඇති රජයේ රෝහලේ සමේ රෝග සායනයට ගොස් පරීක්‍ෂා කරවා ගත යුතු බවයි වෛද්‍යවරයා අවධාරණය කරන්නේ.