11.1 C
London
Thursday, March 23, 2023

කිසිදු රාජ්‍ය ආයතනයක් වසා දැමීමට රජය මෙතෙක් තීරණය කර නැහැ – අගමැති

කිසිදු රාජ්‍ය ආයතනයක් වසා දැමීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

මෙරට වත්මන් ආර්ථික, සමාජීය තත්ත්වයන් පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයින් සමග අද (30) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එවැනි තීරණ එක් එක් විකල්ප පමණක් වන අතර රාජ්‍ය ආයතනයක් වසා දැමීමට තීරණය කරනවා ද නැතහොත් ආයෝජනයක ගමන් කරනවා ද, කළමනාකාරීත්වය පමණක් භාර දෙනවා ද වැනි විවිධ ක්‍රමවේද මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

විශාල වෙනස්කම් ඇති නොකොට එදිනෙදා ආදායම් මාර්ග වැඩිකර ගතහැකි ආයතන සහ ඒ සඳහා වූ පියවර වෙන වෙනම සාකච්ඡා කර අමාත්‍යාංශ හරහා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත ආයතන ලාභ ලැබීමට පරිවර්තනය කිරීම ද එක් ඉලක්කයක් වන අතර එහිදී සිය යෝජනා සාක්ෂාත් කර ගැනීමට සියලු පාර්ශවයන්ගේ සහ‍යෝගය බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවා.

Latest

විදේශ හා අධිකරණ ඇමතිවරු දකුණු අප්‍රිකාවේ සංචාරයක

විදේශ අමාත්‍ය අලි සබ්රි සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ...

රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක්

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින්...

ඩොලරය ඉහළට

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු...

බන්දුලට ඉල්ලා අස් වෙන්නැයි රතු එළියක්

බස්‍ රථ අමතර කොටස් සහ ඒවායේ සේවා ගාස්තු අඩු...

Don't miss

රනිල්ව ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණු...

රනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මුල්‍ය...

ඩී.එස්. සේනානායක දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි...

IMF කොන්දේසිවල විරුද්ධ විය යුතු කොන්දේසි තියෙනවා කියලා මම හිතන්නෑ – සිරිසේන

මුල්‍ය අරමුදලේ මූලික කොන්දේසි දහයේ විරුද්ධ විය යුතු කොන්දේසියක්...

මහින්දානන්ද අලුත්ගමගේට සභාපති ධුරයක්

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

රනිල්ව ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පැවසීය. ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්...

රනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය මුදල ලබාදුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය. ඇය...

ඩී.එස්. සේනානායක දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here