― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldටැන්සානියානු ජනපති නිදහස් දින සැමරුම අවලංගු කරයි

ටැන්සානියානු ජනපති නිදහස් දින සැමරුම අවලංගු කරයි

ටැන්සානියාවේ ජාතික නිදහස් උත්සව සැමරුම අවලංගු කිරීමට ටැන්සානියාවේ ජනපතිනී සමියා සුහුලු හසන් මහත්මිය කටයුතු කළාය.

සෑම වසරකම දෙසැම්බර් 9 වැනිදාට ටැන්සානියාවේ ජාතික නිදහස් දිනය යෙදී තිබේ.

ටැන්සානියාවේ 61 වන නිදහස් දින උත්සවය සඳහා ඩොලර් 445,000 ක් (රුපියල් මිලියන 160.2) වැය කිරීමට නියමිතව තිබූ අතර උත්සවය අවලංගු කරමින් එම මුදල රට පුරා ප්‍රාථමික පාසල්වල නේවාසිකාගාර අටක් ඉදිකිරීමට වෙන් කිරීමට ඇය කටයුතු කළාය.

ටැන්සානියාව නිදහස් සැමරුම් අවලංගු කළ පළමු අවස්ථාව මෙය නොවන අතර 2015 දී එවකට ජනාධිපති ජෝන් මගුෆුලි සැමරුම් අවලංගු කර වාණිජ අගනුවර වන ඩාර් එස් සලාම් හි මාර්ගයක් ඉදිකිරීමට අරමුදල් හරවා යවන ලදී.

2020 දී ඔහු එයම කළ අතර වෛද්‍ය පහසුකම් මිලදී ගැනීමට අයවැය භාවිතා කරන ලෙස උපදෙස් දුන්නේය. වත්මන් ජනාධිපති හසන් ටැන්සානියාවේ පළමු කාන්තා රාජ්‍ය නායිකාව වෙයි.

ශ්‍රී ලංකාවේ නිදහස් දින උත්සවයක් පැවැත්විය යුතුද නැත්ද යන්න සම්බන්ධයෙන් සමාජය තුළ කථා බහක් නිර්මාණය වී ඇති අවස්ථාවක ජාතික නිදහස් දින උත්සවයක් අවලංගු කර එම මුදල් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පහසුව වෙනුවෙන් නේවාසිකාගාර ඉදිකිරීමට වෙන් කිරීම අගය කළ යුතුම කරුණකි. ඇයගෙන් අපේ රටේ පාලකයින්ටත් ගත යුත්තක් ඇති බව මෙයින් මොනවට පිළිඹිබු වෙයි.