13.2 C
London
Friday, March 24, 2023

අපිට පස්සේ IMF ගිය බංග්ලාදේශයටත් ණය ලැබෙයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ බංග්ලාදේශයට අමෙරිකානු ඩොලර් බිලියන 3.3ක ණය මුදලක් අනුමත කර ඇති බව නිවේදනය කර තිබේ.

ඒ අනුව එම ණය මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 476ක් ක්ෂණිකව මුදා හැරීමටයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කර ඇත්තේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අලුතින් නිර්මාණය කරන ලද ඔරොත්තු දීමේ සහ තිරසාර පහසුකම යටතේ අමෙරිකානු බිලියන 1.4 ක අනුමත කරන ලද පළමු ආසියානු රට බංග්ලාදේශයයි.

මාස 42 ක වැඩසටහන සාර්ව ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කිරීමට, අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම මෙමගින් හැකියාව ලැබෙන බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

“නිදහස ලැබීමෙන් පසු බංග්ලාදේශය දිළිඳුකම අවම කිරීම සහ ජීවන තත්ත්වයන් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීම සඳහා ස්ථාවර ප්‍රගතියක් ලබා ඇත. කෙසේ වෙතත්, COVID-19 වසංගතය සහ පසුව යුක්රේනයේ රුසියාවේ යුද්ධය මෙම දිගුකාලීන ශක්තිමත් ආර්ථික ක්‍රියාකාරිත්වයට බාධා කළේය. එම බහුවිධ ගැටළු හේතුවෙන් බංග්ලාදේශයේ සාර්ව ආර්ථික කළමනාකරණය අභියෝගාත්මක කර ඇති” බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

Latest

තමා සම්බන්ධයෙන් පැතිර යන පුවතකට ධනංජයගෙන් පිළිතුරු

තමා අංක 7 ස්ථානයේ පිතිකරණයේ නිරත වීම ප්‍රතික්ෂේප කළ...

රට බංකොලොත් බවින් මිදීම ගැන සියලු ජනතාව සතුටු විය යුතුයි – කබීර් හෂීම්

බංකොලොත් භාවයෙන් ගොඩගිය රටක් බවට දැන් දැනෙන්නට පටන් ගෙන...

ජපන් ඉගෙන ගන්න කැමති අයට නොමිලේ App එකක්

ජපන් භාෂාව ඉගෙන ගැනීම සඳහා app එකක් හඳුන්වා දීමට...

යුරියා පොහොර මිල රුපියල් 7000කින් අඩු කිරිමට එකඟතාවයක්

යුරියා පොහොර මිල රුපියල් 7000කින් අඩු කිරිමට පොහොර ආනයනය...

Don't miss

රට බංකොලොත් බවින් මිදීම ගැන සියලු ජනතාව සතුටු විය යුතුයි – කබීර් හෂීම්

බංකොලොත් භාවයෙන් ගොඩගිය රටක් බවට දැන් දැනෙන්නට පටන් ගෙන...

IMF මුදලින් ඉන්දීය ණයෙන් කොටසක් ගෙව්වා – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු විස්තීර්ණ ණය පහසුකමෙහි පළමු...

ඡන්දෙට සල්ලි දෙනවද නැද්ද කියලා එක වචනෙකින් උත්තර දෙන්න

ඡන්දෙට සල්ලි දෙනවද? නැද්ද? කියා එක වචනෙකින් උත්තර දෙන්නැයි...

අපිට බේරේ වැවේ වුණත් මැයි දිනය සමරන්න පුළුවන් – ජොන්ස්ටන්

බේරේ වැව මතුපිට වේදිකාවක වුවද තම පක්ෂයට මැයි දින...

බැසිල් හා සමන්ලාල් රැස්වීමකදී පැටලෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ...

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට මළල ක්‍රීඩා තහංචියක්

ලෝක මලල ක්‍රීඩා සම්මේලනය සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව්වල කාන්තා අංශයෙන් තරග කිරීම තහනම් කර ඇති අතර අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ටෙස්ටොස්ටෙරෝන් සීමාවන් දැඩි...

රාහුල් ගාන්ධි පාර්ලිමේන්තුවට නුසුදුස්සකු බව ප්‍රකාශයට

සාපරාධී අපහාස නඩුවකට වරදකරු වීම හේතුවෙන් කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පාර්ලිමේන්තුවට නුසුදුස්සකු බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා. සූරත් හි අධිකරණයක් විසින් ඔහු වරදකරු කරනු...

2030දී ඉන්දියාව පුරා 6G සේවාව

ඉදිරි වසර 7 තුළ ඉන්දියාවේ 6G සේවා ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඔහු මේ බව පැවසුවේ දිල්ලි නුවර නව ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here