― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsජංගම දුරකථන ආනයනයේදී නීති දැඩි වෙයි

ජංගම දුරකථන ආනයනයේදී නීති දැඩි වෙයි

නීතිවිරෝධී ආකාරයෙන් සිදු කෙරෙන ජංගම දුරකථන ආනයනය වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ජංගම දුරකථන ආනයනකරුවන් සමග අද (31) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

එම ආනයනයන හේතුවෙන් රටට විශාල බදු ආදායමක් අහිමි වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

නීත්‍යානුකූලව ආනයනය කෙරෙන සියලුම දුරකථනවල IMEI අංක විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කෙරෙන අතර දුරකථන අස්ථානගතවීම් හෝ නීතිවිරෝධී ක්‍රියාවන්වලදී එම දුරකථනය හඳුනා ගනු ලබන්නේ මෙම අංකය භාවිතයෙනි.නමුත් නීතිවිරෝධී ලෙස ආනයනය කෙරෙන දුරකථන එවැනි ලියාපදිංචි කිරීමක් සිදු නොකරන බව එහිදී අනාවරණය විය.

මීට අමතරව නීත්‍යානුකූලව ආනයනය කරන සියලු ජංගම දුරකථන සෞඛ්‍ය ආරක්ෂිත බවට තහවුරු කිරීමක් සිදු කෙරුණ ද නීතිවිරෝධී ආනයනයන්වලදී එවන්නක් ද සිදු නොවේ.

මෙම කරුණු අධ්‍යනය කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැනට පවතින නීති දැඩි කරන්නැයි රේගුවට උපදෙස් ලබාදී තිබේ.

ලබන සඳුදා වනවිට මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි ඉල්ලා සිටි රාජ්‍ය අමාත්‍යවරයා නීතිවිරෝධී ආනයනයන් වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.