Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජනපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අතර හමුවක් පසුගියදා (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. කොළඹ තුරඟ තරග පිටියේ පැවති සිව්කොන් පාපන්දු...
HomeNewsPoliticalනිදහස් උත්සවය වෙනුවෙන් රජය දරන්නේ ඉතා සුළු වියදමක්

නිදහස් උත්සවය වෙනුවෙන් රජය දරන්නේ ඉතා සුළු වියදමක්

එලැඹෙන නිදහස් දිනය වෙනුවෙන් රජය දරන්නේ ඉතා සුළු වියදමක් බවත් පවත්වෙන නිදහස් උත්සවයක් නොකර ඉන්න ජාතික වශයෙන් රටකට හැකියාවක් නොමැති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

මහා වියදම් ප්‍රමාණය සමග සැසදීමේදී අවුරුද්දකට වරක් පැවැත්වෙන නිදහස් දිනය වෙනුවෙන් දරන්නේ ඉතා සුළු වියදමක්. රටකට හැකියාවක් නෑ ජාතික වශයෙන් පවත්වෙන නිදහස් දින උත්සවයක් නොකර ඉන්න. එය රටක අභිමානය දැක්වීම වෙනුවෙන් පවත්වන සම්ප්‍රදායක්.

මේ දිනය සැමරිය හැකි උපරිම අයුරින් පැවැත්වීම ඒ ඒ රටවල් විසින් සිදුකරනවා. සම්ප්‍රදායික දැරිය යුතු වියදම් දරන්න එපා කියන්න බෑ. අපිට අමාරුකම් තිබුණත් පාර්ලිමේන්තව පවත්වාගෙන යන වියදම්, අධිකරණ පද්ධතිය වෙනුවෙන් දරණ වියදම්, ජාතික වැදගත්කමක් ඇති වෙනත් ව්‍යාපෘති වෙනුවෙන් දරණ වියදම් කපා හරින්න බෑ. වියදම් අවම කර ගැනීමට උපදෙස් දී තිබෙනවා. මේ 75 වැනි නිදහස් සැමරුම නිසා වඩා උත්කර්ෂවත් ලෙස පැවැත්විය යුතුයි අන්තර්ජාතික සහයෝගීතාව ලබා ගැනීමට.