― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරාජ්‍ය සේවක කප්පාදුව ගැන අලුත්ම තීරණය මෙන්න

රාජ්‍ය සේවක කප්පාදුව ගැන අලුත්ම තීරණය මෙන්න

මේ දිනවල සෑම රාජ්‍ය ආයතනයකම සේවක සංඛ්‍යාව අඩුකිරීම සිදුකෙරෙමින් පවතින බවත් සෑම අමාත්‍යංශයකම වියදම් අඩුකිරීම සඳහා මහ භාණ්ඩාගාරය උපදෙස් දී ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

සම්පුර්ණ සේවක සංඛ්‍යාව සෑම ආයතනයකම අඩු කිරීම සඳහා මේ දිනවල ක්‍රියාකරගෙන යනවා. ඵලදායි නොවන සේවකයින් සඳහා ස්වයං විශ්‍රාම යෑමේ ක්‍රම සකස් කරන්න. ඒක මහ භාණ්ඩාගාරය උපදෙස් දීලා තියෙනවා සෑම අමාත්‍යංශයකම වියදම් අඩුකිරීම සඳහා චක්‍රලේඛන ගත ගිවිසුමකට අමාත්‍යංශ ලේකම්වරු බැඳිලා තියෙනවා. ඒ අනුව උදාහරණයක් ලෙස දුම්රියට සාමාන්‍ය කම්කරුවන් 3,000ක් බඳවා ගන්නවා. ඒ සේවකයින්ගෙන් එකම කම්කරුවෙක්වත් අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගන්නේ නෑ. බහුකාර්ය බළකායට දැනට රජයේ සේවයට බැඳිලා ඉන්න තැනැත්තන් ඉන්නවා. සාමාන්‍ය පෙළ දක්වා ගිය හෝ සාමාන්‍ය පෙළ සමත් නොමැති අය ඒ ඒ ප්‍රදේශ අනුව අපි බඳවා ගන්නවා දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවන් ලෙස ස්ථීර සේවයට. එවිට ඔහුට දුම්රිය කම්කරුවෙක් ලෙස උසස්වීම් යනාදිය ලබාගෙන ගමන් කරන්නත් පුළුවන්. විශ්‍රාම වැටුප් සහිත සේවයකට ඔහුව යොදනවනවා. එතැනින් අලුත් රස්සා ලැබෙන්නේ නෑ දැනට ඉන්න රාජ්‍ය සේවය තුළින් තමා බොහෝ පුරප්පාඩු පුරවා ගන්නේ. අධ්‍යාපන අමාත්‍යංශයටත් එහෙමයි. මම හිතන්නේ 26,000කට වඩා වැඩි ගුරුවරු පිරිසක් බඳවා ගන්නවා. ඒ බඳවා ගන්නේ දැනට රාජ්‍ය සේවයේ තුළ සිටින අයගෙන් තමා බඳවා ගන්නේ. අතිරික්තව ඉන්න අය ස්වයං විශ්‍රාම ගන්වන්න තමා රාජ්‍ය ආයතන කටයුතු කරන්නේ. අපි යටතේ තියෙන ආයතනවලත්, මාධ්‍ය ආයතන තුළත් ස්වයං විශ්‍රාම යෑම සඳහා කැමැත්ත පළ කරලා තියෙන අය යැවීම ගැන කටයුතු කරනවා.