― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවැදි නායකයා නිදහස් සැමරුම වර්ජනය කරයි

වැදි නායකයා නිදහස් සැමරුම වර්ජනය කරයි

75 වන නිදහස් සමරු උත්සවය සදහා සහභාගී නොවීමට වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ තීරණය කර තිබෙන බව වාර්තා වේ.

සිය ප්‍රජාවගේ නිදහස මේ වන විට දැඩිව සීමාකොට ඇති බවටයි වැදි නායකයා චෝදනා කරන්නේ. පෙරහැර කාලයට අලි ඇතුන් එළියට ගන්නවා මෙන් රජය විවිධ උත්සව සඳහා සහභාගී කරවා ගැනීමට වැදි ප්‍රජාව කැදවන බව පවසන වැදි නායකයා ඉන් පසුව ඔවුන් සිටිනවාද නැද්ද කියාවත් කිසිවෙකු සොයා නොබලන බවයි පවසන්නේ.

තම ප්‍රජාවගේ පැත්තෙන් බැලූ විට නිදහස යනු දිනාගැනීමට ඇති දෙයක් බව වැදිනායකයාගේ අදහසයි.