27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඅදානි සමූහය ඊශ්‍රායලයේ ප්‍රධාන වරාය මිලදී ගනී

අදානි සමූහය ඊශ්‍රායලයේ ප්‍රධාන වරාය මිලදී ගනී

අදානි සමූහ ව්‍යාපාරය විසින් ඊශ්‍රායලයේ වැදගත් වරායක් වන Haifa වරාය ඇමරිකානු ඩොලර් බිලියන 1.2 කට මිලදී ගෙන ඇත.

ඩෙල් අවිව්හි කෘතිම බුද්ධි විද්‍යාගාරයක් විවෘත කිරීම ඇතුළු ඊශ්‍රායලයේ විශාල වශයෙන් ආයෝජනය කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස හයිෆා නගරය සංවර්ධනය කිරීමට අදානි සමූහය පොරොන්දු වී තිබේ.

හයිෆා වරාය මිලදී ගැනීම සඳහා අත්සන් තැබීමේ උත්සවයට අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහභාගි වූහ.

මේ අතරවාරයේ ආයෝජන අවස්ථා පිළිබඳවද අදානි පැහැදිලි කළේය. වරායේ දේපළ වෙළඳාම් සංවර්ධනය කිරීමට තමන් සැලසුම් කරන බවද ඔහු එහිදී පැවසීය.

අදානි සමූහ ව්‍යාපාරය සමඟ ඇති හයිෆා වරාය ගනුදෙනුව ප්‍රධාන සන්ධිස්ථානයක් බව අගමැති නෙතන්යාහු සඳහන් කළේය. මෙමගින් දෙරට අතර සන්නිවේදනය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වනු ඇතැයිද ඔහු පැවසීය.

හයිෆා වරාය භාණ්ඩ ප්‍රවාහනය අතින් රටේ දෙවන විශාලතම වරාය වන අතර එය කෲස් නැව් සඳහා විශාලතම වරාය වේ.