― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකෙහෙළියගේ විදෙස් ගමන් තහනම ඉවතට

කෙහෙළියගේ විදෙස් ගමන් තහනම ඉවතට

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට අධිකරණය අද (01) අවසර ලබා දී තිබේ.

මෙරටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහායි අමාත්‍යවරයාගේ විදෙස් ගමන් තහනම එළඹෙන 21 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා කාලය තුළ ඉවත් කර ඇත්තේ.

ඒ අනුව එම කාලය ඇතුළත අමාත්‍යවරයාට විදෙස්ගත වන ලෙසටයි කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේ.

2015 වසරේ රුපවාහිනි සංස්ථාවට අවශ්‍ය නොමැති අවස්ථාවක රුපියල් නමලක්ෂ අනුදහසක් වටිනා පයිප්ප බට 600ක් මිලදී ගැනීමට අදාළව අල්ලස් කොමිසම විසින් අමාත්‍යවරයාට එරෙහිව පවරා තිබු නඩුවක් අද කැඳවූ අවස්ථාවේදියි මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ.