26.7 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsATM කොල්ලයට සම්බන්ධ තවත් 02ක් අත්අඩංගුවට

ATM කොල්ලයට සම්බන්ධ තවත් 02ක් අත්අඩංගුවට

ගම්පොළ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රය කොල්ලකෑමේ සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 25 වැනිදා වෑන් රථයකින් පැමිනි සිව්දෙනෙකු විසින් බැංකුවේ ආරක්ෂකයා පුටුවක ගැට ගසා අදාළ ATM යන්ත්‍රය ගලවා ගෙන ගොස් ඇත.

අදාළ සිද්ධිය සිදු වී පැය කිහිපයකට පසු වෑන් රථය පේරාදෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී එහි රියදුරුද සමඟ සොයා ගැණිනි. ඔහුගෙන් ලද තොරතුරු අනුවයි අනෙක් පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලීසිය පැවසුවේ යුද හමුදාවේ විශේෂ බලකායේ වසර 22 ක් පමණ සේවය කර ඇති පුද්ගලයෙකුද සිටින බවයි.