26.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය ගමන්වාර 123ක් අවලංගු කෙරේ

දුම්රිය ගමන්වාර 123ක් අවලංගු කෙරේ

දින 3ක් ඇතුළත දුම්රිය ගමන් වාර 123ක් අවලංගු කර ඇති බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

ඒ අනුව පසුගිය මස 28 වැනිදා මගී දුම්රිය 27ක් සහ ඉන්ධන හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 9 ද ඇතුළු ව ගමන්වාර 36ක් අවලංගු වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පසුගිය 29 වැනිදා මගී දුම්රිය 29 ක් සහ ඉන්ධන හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 15 ද ඇතුළුව ගමන් වාර 44ක්ද පසුගිය 30 වනදා මගී දුම්රිය 36ක් සහ ඉන්ධන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 12ක් ඇතුළුව ගමන් වාර 43ක් අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

දුම්රිය රියදුරු සහයකයන්ගේ හිඟය හේතුවෙන් මෙලෙස බොහෝමයක් දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට සිදු වී තිබේ.