28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldප්‍රසිද්ධියේ නැටූ තරුණ යුවළට 10 වසරක සිර දඬුවම්

ප්‍රසිද්ධියේ නැටූ තරුණ යුවළට 10 වසරක සිර දඬුවම්

ප්‍රසිද්ධියේ නර්තනයේ නිරත වන වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කිරීමේ වරද යටතේ ඉරාන තරුණ යුවලකට වසර 10ක සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ ටෙහෙරාන්හි නිදහස් කුලුන අබියසදී අවුරුදු 21 සහ 22 වයස්වල පසුවන මේ අවිවාහක යුවළ මෙසේ නර්තනයේ නිරතව සිට ඇති අතර පසුගිය නොවැම්බර් මාසයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

දූෂණය සහ ගණිකා වෘත්තිය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. එමගින් ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වන බවත් රජයට එරෙහි කුමන්ත්‍රණයක් සිදුව ඇති බවත් අධිකරණය තීන්දු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යම් හෙයකින් ඔවුන් මෙම දඬුවමට ලක් කළහොත් එවන් චෝදනා යටතේ වරදකරු වී උපරිම සිරදඬුවමකට ලක්වන පළමු පුද්ගලයින් බවට ඔවුන් පත්වේ.