26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලිය නිෂ්පාදනයට අමතර ජලය දිය නොහැකියි

විදුලිය නිෂ්පාදනයට අමතර ජලය දිය නොහැකියි

අද (01) සිට විදුලි නිෂ්පාදනය සඳහා අමතර ජලය මුදාහැරීමේ හැකියාවක් නොමැති බව මහවැලි අධිකාරිය පවසයි.

ඒ අනුව සාමාන්‍ය පරිදි විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ජල ප්‍රමාණය පමණක් ලබා දෙන බවයි මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

විදුලි උත්පාදනය සඳහා බලාගාර ආශ්‍රිත ජලාශවලින් තවදුරටත් අමතර ජලය මුදාහැරීම සම්බන්ධයෙන් පසුගියදා මහජන උපයෝගීතා කොමිසම එලෙස ඉල්ලීමක් කර තිබුණි.

අප වෙත මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණා.. විදුලි නිෂ්පාදනය සඳහා ජලය වැඩිපුර ලබාදෙන්න කියලා. ඊයේ සහ අද සැලකියයුතු වර්ෂාවක් අපි මහවැලි ගංඟා ද්‍රෝනිවලට බලාපොරොත්තු වුණා. නමුත් එම වර්ෂාපතනය මේ වෙනකොට උතුරු පළාත පැත්තට බරව තමයි ගමන් කරන්නේ. ඒ නිසා විදුලි නිෂ්පාදනය කරන්න අපි ඊයේ සහ අද ලබාදීලා තිබුණ ජල ප්‍රමාණය තරමක් දුරට අඩු කරලා.. සාමාන්‍ය පරිදි ජලය ලබාදීමට කටයුතු කළා.