30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමෛත්‍රීට වඩා මං එක ඡන්දයක් හරි වැඩිපුර ගන්නවා - චාමර

මෛත්‍රීට වඩා මං එක ඡන්දයක් හරි වැඩිපුර ගන්නවා – චාමර

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන්ද මැතිවරණයට ඉදිරිපත් වී හිටපු ජනාධිපතිවරයාට වඩා එක් ඡන්දයක් හෝ වැඩියෙන් ගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ප්‍රසිද්ධියේ අභියෝග කළේය.

හෙතෙම මෙම අභියෝගය සිදු කළේ ඊයේ (01) ඵැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෛත්‍රීපාල සිරිසේනට සම්බන්ධ හෙලිකොප්ටර් යානා නියෝජනය කරන ප්‍රබල පුද්ගලයන්ද හිටපු ජනාධිපතිවරයාගේ මතය විවේචනය කරන බවයි මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දිනවල ප්‍රකාශ කළේ තමන් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි. කෙසේ වෙතත් ඔහුගේ මෙම තීරණය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වීම විශේෂත්වයක්.