නිදහස ජනතා සන්ධානය හෙවත් හෙලිකොප්ටරය කොයි මොහොතක හෝ නෙළුම් මාවතට හෝ මැදමුලනට කඩා වැටෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සන්ධානාගත පක්ෂ සමග පැවැති විශේෂ රැස්වීමේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා කියා සිටියේ පක්ෂය හැර ගිය මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් ලබා ගනිමින් සිටින බවයි.
ඒ අනුව ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු සියලු දෙනාට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගෙන පක්ෂයෙන් නෙරපන බවයි හෙතෙම අවධාරණය කළේ.


