― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය ගැන රහස් රැසක් එළියට

කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය ගැන රහස් රැසක් එළියට

අභිරහස් ලෙස මියගොස් සිටියදී ඊයේ (02) දහවල් සොයාගත් ප්‍රකට රෙදිපිළි අලෙවිසැල් ජාලයක් හිමි ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ මරණය ඝාතනයක් විය හැකි බවට පොලිසිය සැක කරනවා.

මෙම ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු ඔහුගේ මුදල් පසුම්බියේ තිබුණු ක්‍රෙඩිට් කාඩ් පත් 04ක් අතුරුදන්ව ඇති බවද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. එමෙන්ම ඔහුගේ ජංගම දුරකථනයද අස්ථානගත වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු අතුරුදන් වීමෙන් පසු එම ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් ගුවන් ටිකට් පත් 05ක්ද වෙන් කරගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත කර කටුනායක ගුවන්තොටුපොළේ සාප්පු සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 05ක පමණ භාණ්ඩ මිලදීගෙන ඇති බව ද අනාවරණය වී තිබෙනවා. තොරතුරුවලට අනුව පොලීසිය සැක පළකරන්නේ අදාළ ව්‍යාපාරිකයාගේ ඝාතනයට කාන්තාවක් සම්බන්ධ වී ඇති බවටයි.

එසේම ඝාතකයන් මේ වනවිට රටින් පළාගොස් ඇති බවට පොලිසි වැඩිදුරටත් සැක පළකරනවා. දින 03ක සිට අතුරුදන්ව සිටි කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ මළසිරුර ඔහුට අයත් පැලවත්ත එම්.ඩී.එච්. පුර නිවෙසක තෙවැනි මහලේ ඇති පිහිනුම් තටාකයේ පාවෙමින් තිබියදී ඊයේ (02) සවස සොයා ගත්තා.

එය සොයාගන්නා අවස්ථාවේදීත් සිරුර හඳුනාගැනීමට නොහැකි පිරිදි ඉදිමී තිබූ බවයි දැන ගන්නට ලැබුණේ. මේ අතර අදාළ මළ සිරුර හමුවූ නාන තටාකය ආසන්නයේ ලේ පැල්ලම් කිහිපයක් ද සොයාගෙන තිබුණා.

හිසට පහරදී ඝාතනය කර අනතුරුව නිරුවත් මළ සිරුර ඇදගෙන විත් නාන තටාකයට දමා ඇති බවටයි සිදුකළ මූලික විමර්ශනවලට අනුව සැකපළ කරන්නේ. මේ අතර මළ සිරුර හමුවූ ස්ථානය ආසන්නයේ තිබී උපත් පාලන කොපු කිහිපයක්ද හමුව ඇති අතර ඉන් එකක් භාවිතයට ගෙන ඇති බවද මූලික විමර්ශනයේදී හෙළිව තිබෙනවා.