― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වෙයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වෙයි

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (03) පස්වරුවේ පැවැත් වෙනවා.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

පාර්ලිමේන්තුව 08 වැනිදා විවෘත කිරීමෙන් පසු රැස්වීම් පැවැත්වෙන ආකාරය සහ විවාදයට ගන්නා යෝජනා සම්බන්ධයෙන් මෙහිදී තීරණය කෙරෙනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් 09 වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය පසුගියදා අවසන් කරනු ලැබූ අතර පාර්ලිමේන්තුව නැවත විවෘත කිරීමට නියමිතව ඇත්තේ ලබන 08 වනදායි.

මේ අතර පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසුව තේරීම් කාරක සභාව පත්කර පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් පසුව අහෝසි වී ගිය කමිටු කඩිනමින්ම පත්කර ගැනීමට අපේක්ෂා කරන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.