28.4 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආසන සංවිධායකගේ වාහනයේ ගැටී යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට

ආසන සංවිධායකගේ වාහනයේ ගැටී යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට

කලාවැව ආසන සංවිධායක, උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක අනිල් රත්නායක මහතා ගමන් ගත වාහනයේ යතුරුපැදියක් ගැටීමෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා.

බීමතින් යතුරුපැදියක පැමිණි දෙදෙනෙකු ආසන සංවිධායකවරයා ගමන් ගත් මෝටර් රථයේ පිටුපස ගැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ රාත්‍රී අනිල් රත්නායක මහතා අනුරාධපුර සිට තම්මැන්නාව ප්‍රදේශයේ තම නිවස කරා පැමිණෙන අවස්ථාවේ දී පසුපසින් පැමිණි යතුරුපැදියක සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙම අනතුරට ලක් වී තිබෙනවා.

පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් බීමතින් සිට ඇති බවටයි.

අනතුර සිදුවූ අවස්ථාවේම ප්‍රදේශවාසීන් විසින් තුවාලකරුවන් තලාව රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.

එහිදී එක් අයෙක් මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ තම්මැන්නාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක තිදරු පියෙක්.

අනෙක් තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.තඹුත්තේගම පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.