30 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමැතිවරණයට මුදල් ලබානොදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන කතාව බොරුවක්

මැතිවරණයට මුදල් ලබානොදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන කතාව බොරුවක්

මැතිවරණයට මුදල් ලබා නොදීමේ යෝජනාවක් ලබන 08 වනදා පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කිසිඳු සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

සති අන්ත පුවත්පත් කිහිපයක ප්‍රධාන පුවත් සිරස්තල ලෙස වාර්තා කර තිබූ ආකාරයෙන් මැතිවරණය සඳහා මුදල් ලබා නොදීමේ යෝජනාවක් හෝ මුදල් නොමැති බව දන්වා සිටීමේ කිසිඳු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අද (05) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

එහිදී වැඩිදුරත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ එවැනි සූදානමක් නැතත් භාණ්ඩාගාරය ඉහළ කළමණාකාරීත්වයකින් පවත්වාගෙන යෑමට කටයුතු කරමින් සිටින බවයි.