27.8 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩීසල් ලීටර 6600ක බවුසරයක් පෙරළෙයි

ඩීසල් ලීටර 6600ක බවුසරයක් පෙරළෙයි

පේරාදෙණිය සරසවි උයන තෙල් ගබඩාවේ සිට මහියංගන ලංගම ඩිපෝව සඳහා ඩීසල් ලීටර 6600 ක් ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් උඩදුම්බර පොලිස් වසමේ කෝවිල්මඩ ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරළී ගොස් ඇති බව පොලීසිය පවසයි.

අනතුර හේතුවෙන් බවුසර් රථයේ තිබූ ඩීසල් ලීටර 4000 ක් පිටතට ගලා ගොස් ඇති අතර බවුසර රථයේ ඉතිරිව තිබූ ඩීසල් ලීටර 2600 ක ප්‍රමාණයක් වෙනත් බවුසර් රථයකින් ආපසු පේරාදෙණිය ඉන්ධන ගබඩාව වෙත ආපසු රැගෙන ගොස් තිබේ.

ඊයේ (05) පස්වරු 4.30 ට පමණ සිදුවී ඇති මෙම අනතුරෙන් බවුසර් රථයේ රියදුරු සහ සහායක සුළු තුවාල ලබා උඩදුම්බර රෝහලට ඇතුළත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් උඩදුම්බර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.