27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතුර්කි භූමිකම්පාව සිදුවූ ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙක්

තුර්කි භූමිකම්පාව සිදුවූ ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙක්

අද (06) උදෑසන ප්‍රබල භූමිකම්පාවක් සිදු වූ තුර්කියේ කහරමන්මාරස් පළාතේ විවිධ ස්ථානවල ශ්‍රි ලාංකිකයන් 9 දෙනෙකු සිට ඇති බව වාර්තා වනවා.

මෙම ශ්‍රි ලාංකිකයන් නව දෙනා අතරින් අට දෙනකු ම මේ වන විටත් සිය තානාපති කාර්යාලයය හරහා සම්බන්ධ කරගෙන ඇති බවයි තුර්කි තානාපති ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔවුන් කිසිවකුටත් මෙම භූ කම්පනය හේතුවෙන් කිසිදු අනතුරක් සිදු වී නොමැති බවත් කුර්කි තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් ඔවුන් අතරෙන් එක් පුද්ගලයෙකු පමණක් කඩා වැටුණු ගොඩනැගිල්ලක් තුළ සිට ඇති බවත් කෙසේ වෙතත් භූ කම්පනය සිදු වන අවස්ථාවේ ඔහු එම ගොඩනැගිල්ලෙන් පිටව ගොස් සිටියා ද නැද්ද යන්න සමිබන්ධයෙන් මේ වන තුරු පැහැදිලි කර ගැනීමක් සිදු කර ගැනීමට නො හැකි වී ඇති බවත් තුර්කි තානාපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියා.