බැංකු ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම බැංකුවලට උපදෙස් දී ඇත.
ඒ අනුව රජයේ සේවකයන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උපදෙස් දී තිබෙනවා.
මෙම ණය සඳහා පොලී අනුපාතිකය ඉහළ මට්ටමක පැවතීමත්, මේ වන විට ඔවුන්ගේ ආදායම මත ගෙවිය යුතු බදු මට්ටම ද ඉහළ ගොස් ඇති නිසා ඔවුන් දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති.
මහ බැංකු අධිපති නන්දල් වීරසිංහ මහතා පැවසුවේ මෙම තත්ත්වය හමුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව සොයා බලන ලෙස බැංකුවලට උපදෙස් ලබාදී ඇති බවයි.