26.7 C
Colombo
Friday, June 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව ඩොලර් බිලියන 6ක වන්දියක් ඉල්ලයි

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 6ක වන්දියක් ඉල්ලයි

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

මෙම අනතුරෙන් සිදු වූ පාරිසරික හානිය වෙනුවෙන් සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය ඩොලර් බිලියන 6කට වැඩි අලාභයක් ලැබීමට අපේක්ෂා කරනු ලබන අතර මේ මස මැද සිට ඊට අදාළ නීතිමය කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

2021 මැයි 20 වැනිදා ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ මුහුදු ප්‍රදේශයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමකට ලක් වූ අතර ශ්‍රී ලංකාවේ සාගර සම්පත්වලට ඉන් විශාල බලපෑමක් එල්ල විය.